''ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මින් දිට්ඨේචේව ධම්මේ අභිසම්පරායේ ච''

අතහැරගන්න එපා මේ ලැබුණ මොහොත...

 කිච්ඡෝ මනුස්සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.

(බරණැස් නුවරදී ඒරකපත්ත නා රජුන් අරභයා වදාළ ගාථාවකි.)

ඇත්ත ලෝකයට පිවිසෙමු...

186.8. න කහාපණවස්සේන
තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ

රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නෙ නෑ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.

187.9. අපි දිබ්බේසු කාමේසු
රතිං සෝ නාධිගච්ඡති
තණ්හක්ඛයරතෝ හෝති
සම්මාසම්බුද්ධසාවකෝ

ඔහු දිව්‍ය කාම සම්පත්වලටවත් ඇලීමක් නම් ඇති කරගන්නෙ නෑ. සම්මා සම්බුදුරජුන්ගෙ ශ්‍රාවකයා තණ්හාව නැති කිරීමෙන් ලබන ඒ අමා නිවනටමයි ඇලෙන්නෙ.

(ජේතවනාරාමයේදී සාසනයෙහි උකටලී වූ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය.)