සම්බුදු සසුනක සනාතන සත්‍යය

පින්වතුනි, පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.

මොකක්ද මේ මහමෙව්නාව

මින් විසි වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.

මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි….

යොවුන් ජීවිත වලට සැබෑම සැනසිල්ල...

වේගවත්ව දියුණු වන තාක්ෂණික ලෝකයේ නවීන උපකරණ මැද සිර වූ යොවුන් ජීවිත භාහිර ලෝකයෙන් ම සැනසිල්ලක් පතමින් මානසික ආතතියෙන් ද, වෙහෙසකර ජීවිතයෙන් ද පීඩාකාරීව ගෙවන දිවිමගට අරුතක් එක්කරමින් සැබෑම සැනසිල්ල ආධ්‍යාත්මික ලෝකයෙන් ලබාගන්නට මග පෙන්වන සොඳුරුම පුණ්‍යතීර්ථය…

මෙල්බර්න් පුරවරයේ ඔබට

ඔබේ දරුවාට සෙනෙහසින් පුදන වටිනා ම දායාදය

මව්පිය වරුන්ගේ ජීවය බඳු, දරුවන්ගේ අනාගත ඉරණම සුන්දර කරවන්න ඔබත් කැමති නම්, මේ ලෝකයේ තියෙන සැබෑම රැකවරණය ඔබගේ දරුවාටත් ලබාදෙන්න. ඒ තමයි තිසරණයේ රැකවරණය. මේ ජීවිතයේ සාර්ථකත්වයටත්, පරලොව ජීවිතයේ සාර්ථකත්වයටත්, සාංසාරික ජීවිත ගැටළුවට සැබෑම විසඳුමක් ලබාදෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. සියලු දෙවි මිනිසුන්ට පිලිසරණ වූ  භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ඔබේ දරුවාටත් ලබාදෙන්නට ඔබත් කැමති නම්, ඔබට මග පෙන්වන ඔබේ සොඳුරුම පුණ්‍යතීර්ථය….

මනා අධ්‍යාපනයක් ලබාදෙන්නට සිතන ඔබේ දරුවාට ලබාදෙන උතුම්ම තෑග්ග...

මේ ලෝකයේ සියලු අවබෝධයෙන් පරිපූර්ණත්වයට පත්වී වදාළේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. ප්‍රඥාවෙන් අග්‍රත්වයට පත්වී වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේය. සිහිනුවණින්, මතක ශක්තියෙන්, දරාගැනීමේ හැකියාවෙන් අග්‍ර වූයේ ආනන්ද මහරහතන් වහන්සේ ය. මේ සියල්ල සිහිකරමින් ඔබටත් පුළුවන්නම් ඔබේ දරුවාට අකුරු කියවන විට ඒ භාග්‍යවතුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් සිහිකරමින්, පුද පූජා පවත්වමින්, පිරිත් සජ්ඣායනා කරමින් මෙය සිදු කරන්නට ඔබගේ දරුවා ඒකාන්තයෙන් ම වාසනාවන්තයි. මේ සඳහා ඔබට මගපෙන්වන ඔබේ සොඳරුම පුණ්‍යතීර්ථය…

ගර්භණී මව්වරුන් සඳහා ....

මව්වරුන්ගේ මුනිවරයා වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ගුණානුභාවයෙන් සුවපත්භාවයට පත් වූ ගර්භණී මව්වරුන්ගේ ගණන ප්‍රමාණ කළ නොහැක. කරුණාවේ ප්‍රතිමූර්තියක් වූ අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් සත්‍යක්‍රියා කොට දෙසා වදහළ අංගුලිමාල පිරිත වනාහී මහා බලගතු කල්පයක් ආනුභාවය පවතින්නා වූ පිරිතකි.

එමෙන්ම ඔබගේ දරුවා මව්කුසේ සිටින අවදියේ පටන් තුණුරුවනට පූජා කොට පිරිත් සජ්ඣායනා කරමින් වත්පිළිවෙත් කිරීමෙන් ගුණ නැණ බෙලෙන් පිරිපුන් පින්වන්ත දරුවෙකු බවට පත්කරගන්න පුළුවන්. මේ සඳහා ඔබට මග පෙන්වන ඔබේ සොඳුරුම පුණ්‍යතීර්ථය…

යුග දිවියේ සාර්ථකත්වයට දහමින් මගක්...

සාර්ථක යුග දිවියක් ගතකරන්නට බොහෝ දෙනෙක් උත්සාහ දැරුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එ දා මෙදා තුළ ඉතිහාසයේ ලස්සනම ජීවිත ගතකරපු අය හිටියේ මේ බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවන්. ඒ කියන්නේ ඒ අයගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙකම සාර්ථකයි…ඔබටත් ඔ්නි නම් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඒ සඳහා ඔබට මග පෙන්වන ඔබේ සොඳුරුම පුණ්‍යතීර්ථය……

සුජාත දරු පරපුරක් උදෙසා

දරුවන්ගේ අනාගතයේ සාර්ථකත්වය පතන ඔබ හැම විටම දරුවන්ගේ ගුණදහම්, හැදියාව, ආචාරධර්ම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන්නට අවශ්‍යයි. 

දරුවන්ගේ ජීවිත සැබවින් ම සුන්දර කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම ධර්මය ලෝකයට දායද කළේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේම ය. අවුරුදු හතක් පමණ වයස ඇති රහතන් වහන්සේලා පවා බිහි වූයේ මේ සම්බුද්ධ ශාසනයේ. 

ඔබටත් පුළුවන් ඔබේ දරුවාගේ අනාගත ලෝකය සාර්ථක කරවන්න අවශ්‍ය නම්, අප හා සම්බන්ධ කරවන්නට … ඔබට නිවැරදිම මග පෙන්වන පුණ්‍යතීර්ථයට සම්බන්ධ වන්නට….

දෙමාපියන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග...

වයසට යනතාක්ම සිල් රකින්නට අවශ්‍යයි. මේ බුදු සසුනේ පිළිසරණක් ලබාදෙන්නට ඔබේ දෙමව්පියන්ට හොඳම අවස්ථාව මේ….

come visit us

send us a message

Contact us and we will happily respond

follow us